Vidyartha College Crest Vidyartha College 75th anniversary logo

දේශ ප්‍රේමි අභිමාන සුපූජිත වීර සිසුන් බිහිවේවා !

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතාව දිනති

Friday, November 9th, 2012

2012 නොවැම්බර් මස 08 21:05:34 | සජීක ජයසිංහ

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේය.

කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් ද, කී‍්‍රඩිකාවෝ 38 දෙනෙක් සහභාගිවුහ.

පිරිමි ශූරතාව දිනාගත් විද්‍යාර්ථ විදුහල ලකුණු 29 ක් ලබාගත් අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 15 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තේය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 17 ක් ලබමිනි.

ලීනියා බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා කාන්තා අනුශූරතාව ලැබීය.

මහනුවර ධර්මරාජ විදුහලේ ඒ. එස්. තුඩුවෙවත්ත දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙසද, මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඞී.එල්.හෙට්ටිආරච්චි දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුහ.

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ටී. එච්. ජයතිස්ස දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලීනියා බොක්සිං පිලේ ආර්. අයි. ජයරත්න දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද තේරීපත්වුවාය.

පිරිමි ශූරතාව දිනා ගත් මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ……

කාන්තා ශූරතාව දිනාගත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය ක‍්‍රීඩිකාවෝ….

Latest News